Internet Banking Login

වෛද්‍යවරුන්ට හිමිවන විශේෂ අතිරේක ප්‍රතිලාභ

l
විශේෂාංග

ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වෛද්‍යවරුන් සඳහා විශේෂ වරප්‍රසාදවලින් සමන්විත පැකේජයක් හඳුන්වා දී ඇත.

සේවාව වෛද්‍යවරුන්ට හිමිවන විශේෂ අතිරේක ප්‍රතිලාභ
ජංගම ගිණුම්
  • වසර 5ක කාලයක් දක්වා අන්තර්ජාල සහ SMS බැංකු සේවා සඳහා ගාස්තු අය නොකෙරේ.
  • ‘ගෝල්ඩ්’ ඩෙබිට් කාඩ්පත්වලට පළමු වසර සඳහා ගාස්තු අය නොකෙරේ.
RSA සහ RFC ගිණුම්
  • නොමිලේ ඩෙබිට් කාඩ්පතක් (‘ගෝල්ඩ්’ ඩෙබිට් කාඩ්පත්වලට පළමු වසර සඳහා ගාස්තු නැත).
  • නොමිලේ අන්තර්ජාල සහ SMS බැංකු සේවා (වසර 5 ක් දක්වා).
ක්‍රෙඩිට් කාඩ්පත් (ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කෙරේ)
  • පළමු වසර සඳහා වාර්ෂික ගාස්තු නැත.
  • මූලික ගාස්තු නැත.
  • සීමා ඉක්මවීමේ ගාස්තු (Over limit fee) නැත.
  • මුදල් අත්තිකාරම් ගාස්තු නැත.
  • විශේෂ සංචාර හා නවාතැන් පැකේජ හිමි වේ.
සංචාරක කාඩ්පත් (Travelers cards)
  • නිකුත් කිරීම සඳහා ගාස්තු නැත.
  • නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් (කාඩ්පතට ඇතුළත් කෙරෙන වටිනාකම ඇමරිකානු ඩොලර් 500 ට වැඩිනම්).
ස්ථාවර තැන්පතු/ශ්‍රී ලංකා රුපියල්, NRFC සහ RFC ගිණුම්
  • මිලියන 2.5 ට වැඩි තැන්පතු සඳහා වැඩිපුර 0.5% ක පොලියක්.
  • FCY තැන්පත්කරුවන්ට වසරක් සඳහා වැඩිපුර 0.5% ක පොලියක් (ඇමරිකානු ඩොලර් 10,000 හෝ ඊට වැඩි).
  • සුදුසුකම් :
    • ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජිකයෙකු වීම.
    • ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ සාමාජිකයෙකු වීම.
  • කොන්දේසි :
    • විශේෂ ප්‍රතිලාභ සඳහා හිමිකම් කිව හැක්කේ සාමාජිකත්වය තහවුරු කෙරෙන පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පමණි.
    • ඉහත සේවාවන් සම්බන්ධ අනෙකුත් ප්‍රතිලාභ සියල්ල නොවෙනස්ව හිමි වේ.
    • දැනට සිටින ගනුදෙනුකරුවන්ටද මෙම විශේෂ ප්‍රතිලාභ හිමිකරගත හැක.
    • මෙම විශේෂ ප්‍රතිලාභ මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු වලංගු වේ.