Internet Banking Login

අධ්‍යක්ෂ මණ්ඩලය

l
Board of Directors
  Back

Mr W M R S Dias

ඩබ්.එම්.ආර්.එස්. ඩයස් මහතා,

විධායක නොවන අධ්‍යක්ෂ/ සභාපති,
FCIB (UK), LLB, හර්බට් එච්. හම්ප්‍රි සහාධ්‍ය

ඩබ්.එම්.ආර්.එස්. ඩයස් මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස වර්ෂ 2015 මැයි 29 දින සෙලාන් බෑන්ක් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලද අතර, 2016 මැයි 09 දින එහි සභාපතිවරයා ලෙස පත් කරනු ලැබිණි. ඔහු වර්ෂ ගණනාවක අත්දැකීම් ලත් ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන අතර, අවසානයේ කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ලෙස සේවය කළේය. ඩයස් මහතා කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී, කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පුද්ගලික) සමාගම, ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම, ලංකා ෆයිනෑන්ෂල් සර්විසස් බියුරෝ ලිමිටඩ් යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයන් හි සේවය කර ඇති අතර, ලංකා සේවායෝජකයන්ගේ සංගමයේ සභා සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත.

වර්තමානයේ වාණිජ ආයතන කිහිපයක අධ්‍යක්ෂක මණ්ඩලවල සේවය කරන ඩයස් මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ මූල්‍ය හා ප්‍රාග්ධන කටයුතු පිළිබද ජාතික න්‍යායපත්‍ර කමිටුවේ සම සභාපතිත්වය උසුලයි. ඔහු සෙලාන් බැංකු සේවකයන්ගේ පාරිතෝෂික භාර අරමුදලෙහි භාරකරුවෙකු ද වේ.


Ishara C. Nanayakkara

ඩබ්. ඩී. කපිල ජයවර්ධන මහතා
විධායක නොවන අධ්‍යක්ෂ/උප සභාපති,
ශාස්ත්‍රපති - ව්‍යාපාර පරිපාලන (MBA) FIB, සම්බන්ධි, ICEA (ලන්ඩනය)

කපිල ජයවර්ධන මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස වර්ෂ 2013 අගෝස්තු මස 01 වන දින සෙලාන් බෑන්ක් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලද අතර, 2018 සැප්තැම්බර් මස 10 දින සිට බලපැවැත්වෙන පරිදි එහි උප සභාපතිවරයා ලෙස පත්කරන ලදී.

ජයවර්ධන මහතා සිටිබෑන්ක් එන්.ඒ. ශ්‍රී ලංකා හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය ආයතන ප්‍රධානියා ද විය. ආයෝජන බැංකුකරණය, බැංකු මෙහෙයුම්, විගණන, සම්බන්ධතා කළමනාකරණය, වාණිජ මූල්‍ය, වාණිජ බැංකුකරණය සහ භාණ්ඩාගාර කළමනාකරණය වැනි විවිධ ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් ඔහුට ඇත. 2003/2004 වර්ෂයේ දී ඔහු ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී. ඔහු, 2006/2007 වර්ෂයන් හි දී ශ්‍රී ලංකා ඇමෙරිකානු වාණිජ සංගමයේ සභාපතිවරයා ලෙස සේවය කර ඇති අතර, මූල්‍ය අංශ ප්‍රතිසංස්කරණ කමිටුවට ද පත් කරන ලදී. ජයවර්ධන මහතා ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික කවුන්සිලයෙහි සාමාජිකයෙකු වූ අතර, එක්සත් ජනපද - ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ සභා සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වර්ෂ 2007 දී ඔහු සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස එල්ඕඑල්සී සමාගමට සම්බන්ධ වූ අතර, එල්ඕඑල්සී සමූහයේ ව්‍යාපාර හා මෙහෙයුම් කටයුතු අංශ ප්‍රධානී ලෙස කටයුතු කරයි. ඔහු එල්ඕඑල්සී සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සාමාජිකයෙකි.


Ms. Coralie Pietersz

එම්. කොරලි පීටර්ස් මෙනෙවිය,
ස්වාධීන අධ්‍යක්ෂවරිය/ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය
BSc (ගෞරව) භෞතික විද්‍යා (සසෙක්ස් විශ්ව විද්‍යාලය), MBA (හැරියට් වොට් විශ්වවිද්‍යාලය-එඩින්බරෝ), ACA (අයිසීඒ එංගලන්තය සහ වේල්ස්), FCA (සී.ඒ. ශ්‍රී ලංකා)

කොරලි පීටර්ස් මෙනෙවිය 2013 සැප්තැම්බර් මස 23 දින ස්වාධීන අධ්‍යක්ෂවරියක ලෙස සෙලාන් බෑන්ක් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් කරන ලද අතර, 2016 මැයි 09 දින සිටි බලපැවැත්වෙන පරිදි එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ධූරයට පත් කරන ලදී. බැංකු ක්ෂේත්‍රයේ වසර කිහිපයක අත්දැකීම් ද සමඟ, පුද්ගලික සහ රාජ්‍ය අංශයේ කර්මාන්ත ගණනාවක ම වාණිජ මූල්‍ය, ගිණුම්කරණ සහ විගණන ක්ෂේත්‍රයන්හි වසර 25ක ට අධික ජ්‍යෙෂ්ඨ මට්ටමේ අත්දැකීම් ඇය සතුව පවතී. ඇය දැනට ෆින්ලේ කලම්බු සමාගම, හපුගස්තැන්න ප්ලාන්ටේෂන් පීඑල්සී සහ උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන් පීඑල්සී යන සමාගම්වල මූල්‍ය අධ්‍යක්ෂ ධූර දරයි. ෆින්ලේ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වීමට පෙර පීටර්ස් මෙනෙවිය, රිචඩ් පීරිස් සහ සමාගම පීඑල්සී හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරීනී තනතුර දැරීය.

පීටර්ස් මෙනෙවිය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභා සාමාජිකාවක ද වන අතර, එම ආයතනයේ කමිටු ගණනාවක ද සේවය කර ඇත.


Ishara C. Nanayakkara

කපිල පී. ආරියරත්න මහතා
අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී
BSc (ගෞරව- ප්‍රථම පංතිය), කොළඹ විශ්ව විද්‍යාලය

කපිල ආරියරත්න මහතා 2011 මාර්තු මාසයේ දී සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස බැංකුවට සම්බන්ධ වූ අතර, 2015 පෙබරවාරි 16 දින විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් කරන ලදී. දේශීය සහ විදේශීය බැංකු ගණනාවක සේවය කර දේශීය මෙන්ම ජාත්‍යන්තර සන්දර්භයන් හි බැංකුකරණයේ සියලු පැතිමානයන් සම්බන්ධයෙන් ගැඹුරු දැනුමකින් යුතු ඔහු සතුව වසර 30 ගණනක අත්දැකීම් පවතී. ඔහු දැනට ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ.

ආරියරත්න මහතා සෙලාන් බැංකු සේවකයන්ගේ පාරිතෝෂික භාර අරමුදලෙහි සහ සෙලාන් බැංකු සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුවෙකු ද වේ.




Mr. Viran Corea

එස්. විරාන් කොරයා මහතා,
විධායක නොවන අධ්‍යක්ෂ
නීතිවේදී (LL.B) සහ නීතිය පිළිබඳ පශ්චාත් උපාධි (LL.M), කොළඹ විශ්ව විද්‍යාලය, නීතිඥ

2015 මැයි 14 දින සෙලාන් බෑන්ක් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස විරාන් කොරයා මහතා එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් කරන ලදී. වසර 21ක ට වැඩි කාලයක් නීති වෘත්තියේ අත්දැකීම් සහිත ඔහු ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සහ නීති උපදේශකයෙකු වේ. ව්‍යවස්ථා සහ පරිපාලන නීතිය, මානව හිමිකම් නීතිය, වාණිජ නීතිය, කාර්මික නීතිය, බේරුම්කරණය, ගිවිසුම් නීතිය සහ ඉඩම් නීතිය යන ක්ෂේත්‍රයන් හි පුද්ගලික නීති වෘත්තිය තුළ ඔහු අත්දැකීම් ලබා ඇත. ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු වශයෙන් ඔහු ජාතික සහ පොදු වැදගත් කමකින් යුත්, ශ්‍රී ලංකා නීති වාර්තාවල වාර්තාගත වී ඇති තීරණාත්මක නඩු ගණනාවකට සම්බන්ධ වී ඇති අයෙකි.

මහජනයා වෙත ප්‍රසිද්ධියේ වැඩි වශයෙන් ලබාගත හැකි සහ කොළඹ-පදනම් කරගත් අන්තර්ක්ෂේත්‍ර අධ්‍යයන මොළකරු, වෙරිටේ රිසර්ච් (පුද්ගලික) සමාගම නැමැති ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරත්වය (සහ හිමිකාරත්ව ඒකාග්‍රතාව) සැලසුම් කරනු ලබන ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරත්ව අධීක්ෂණයේ නෛතික කණ්ඩායම, නෛතික යාන්ත්‍රණ හරහා ශ්‍රී ලංකාවේ පාරිසරික ආරක්ෂණය වෙත කැප වූ මහජන යහපත උදෙසා වන සහ ලාභ සඳහා නොවන ආයතනයක් වන සීමාසහිත පාරිසරික පදනම හි නෛතික කණ්ඩායමේ නීති උපදේශකයකු වශයෙන් ද කොරයා මහතා කටයුතු කරනු ලබයි.

වසර ගණනාවක් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයෙකු ලෙස සේවය කළ කොරයා මහතා, වැදගත් කරුණු ගණනාවක දී අධිකරණයේ පෙනී සිට, රජයේ දෙපාර්තමේන්තුවලට හා රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබා දී ඇත. ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල නායකත්ව මෙහෙයුම් සහතිකපත්‍ර පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ලදුව, ඔහු එහි උපාධිධාරී සාමාජිකයෙකු ද වේ. ආසියා සංගමය විසින් 2012 වර්ෂයේදී ආසියාවේ තරුණ නායකයෙකු ලෙස ද ඔහු තෝරාගෙන ඇත.


Mr Anushka S Wijesinha

අනුෂ්ක එස්. විජේසිංහ මහතා
ස්වාධීන අධ්‍යක්ෂ
MA ආර්ථික විද්‍යා සහ සංවර්ධනය (ලීඩ්ස් විශ්ව විද්‍යාල ව්‍යාපාර පාසල, එක්සත් රාජධානිය),
BSc (ගෞරව) ආර්ථික විද්‍යා (ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජිය, එක්සත් රාජධානිය)

අනුෂ්ක විජේසිංහ මහතා 2016 දෙසැම්බර් 01 දින ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස සෙලාන් බෑන්ක් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලදී. ඔහු ආසියාව පුරා සමීක්ෂණ සහ උපදේශන කටයුතු සිදුකර ඇති ආර්ථික විද්‍යාඥයෙකු වේ. ඔහු විසින් නව්‍යකරණය, පුද්ගලික අංශ සංවර්ධනය හා ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිළිබඳව ඉලක්ක කර බොහෝ දේශීය සහ ජාත්‍යන්තර කෘති පළකර ඇත. ඔහු වර්තමානයේ සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍යාංශයේ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු ලෙස, වෙළඳ, තරගකාරීත්ව සහ නව්‍යකරණය වෙත නායකත්වය සපයයි. මීට පෙර ඔහු ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා සහ ආර්ථික බුද්ධි අංශයේ අංශ ප්‍රධානියා විය.

විජේසිංහ මහතා කොරියානු සංවර්ධන ආයතනයේ ආසියානු සංවර්ධන සහාධ්‍යයකු ද වූ අතර, ඔහු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ කර්මාන්ත, තරගකාරීත්ව හා නියාමන ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානීත්වය ද දරා ඇත. තවද ඔහු බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිසමේ පර්යේෂණ නිලධාරියෙකු වූ අතර, රජයේ සාම ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරයා ද විය. විජේසිංහ මහතා මින් පෙර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ජාත්‍යන්තර සහයෝගිතා සඳහා ජර්මානු නියෝජිත ආයතනය (GIZ) සහ ආසියා සහ පැසිෆික් සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කොමිෂන් සභාව (UNESCAP) ආයතනවල උපදේශන කටයුතු සිදුකර ඇත.

ලෝක ආර්ථික සම්මේලනයෙන් “නව ශූරයින්” සම්මානයෙන් පිදුම් ලද ඔහු, ලෝක ආර්ථික සම්මේලනයේ ග්ලෝබල් ෂේපර්ස්හි කොළඹ මධ්‍යස්ථානයේ සාමාජිකයකු ද වේ.


Mrs Sandya K Salgado

සන්ධ්‍යා කේ. සල්ගාදු මහත්මිය
ස්වාධීන අධ්‍යක්ෂවරිය
MBA (ජාත්‍යන්තර) ඊඩිත් කොවෑන් විශ්වවිද්‍යාලය, පර්ත්, ඕස්ට්‍රේලියාව.
MBA (ඉංග්‍රීසි, ප්‍රංශ, භාෂා) කැළණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාව, MCIM-එක්සත් රාජධානිය

සන්ධ්‍යා සල්ගාදු මහත්මිය 2016 දෙසැම්බර් 01 වන දින ස්වාධීන අධ්‍යක්ෂවරියක ලෙස සෙලාන් බෑන්ක් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කරන ලදී. ඇය ආයතනික හා සංවර්ධන යන අංශ දෙකෙහිම වසර තිහකට වැඩි කාලයක කළමනාකරණ පළපුරුද්දකින් යුත්, ක්‍රමෝපාය සන්නිවේදන හා තිරසාර ව්‍යාපාර කළමනාකරණ විශේෂඥවරියකි. ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටමෝර් හි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ක්‍රමෝපායික සන්නිවේදනය සම්බන්ධව පුහුණුව ලබා ඇත. ශ්‍රී ලංකාවේ සන්නාම සක්‍රීයකරණ සංකල්පය හඳුන්වා දීමට මෙන්ම, වසර දොළහක් තිස්සේ ඇය විසින් මෙරට දියත් කර, නායකත්වය දී කළමනාකරණය කළ ඔගිල්වි ඇක්ෂන් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ද ඔගිල්වි වර්ල්ඩ්වයිඩ් ආයතනය විසින් විශේෂයෙන් ම, ඇය තෝරා ගන්නා ලදී.

වෘත්තීමය අලෙවිකරණ විශේෂඥවරියක වශයෙන් ආයතනික අංශයේ සේවය කරන කාලසීමාව තුළ දී සුවිශේෂී සන්නාම ඇති කිරීමට හා කළමනාකරණය කිරීමට සල්ගාදු මහත්මිය විසින් සහය ලබාදී ඇති අතර, ව්‍යාපාරික අංශයේ ඇයගේ කාලසීමාව තුළ විස්මිත අලෙවිකරණ ක්‍රමෝපායයන් හඳුන්වාදීම ද සිදුකර ඇත. එම කාලය තුළ දී, ඇය දේශීය සහ ජාත්‍යන්තර බැංකුකරණ හා මූල්‍යමය සන්නාම යන අංශ දෙක ම කළමනාකරණය කරමින් මූල්‍යමය හා බැංකුකරණ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශාල සේවාවක් ඉටු කළා ය. සන්නාම සක්‍රීය කිරීමේ සංකල්පය හරහා අලෙවිකරණය වෙත ඇය ලබාදුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් 2001 වර්ෂයේ දී ‘වසරේ අලෙවිකාරිනිය’ සම්මානයෙන් ඇය පිදුම් ලැබූ අතර, මෙරට අලෙවිකරණ සන්නිවේදනය පිළිබඳ සමාජ වගකීම් සඳහා ඇයගේ දායකත්වය වෙනුවෙන් 2006 වර්ෂයේ දී ‘Zonta Woman of Achievement’ සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවා ය.

සංවර්ධන ක්ෂේත්‍රය වෙත අවතීර්ණ වෙමින් සන්ධ්‍යා මහත්මිය, ලෝක බැංකුවෙහි ජ්‍යෙෂ්ඨ සන්නිවේදන විශේෂඥවරිය වශයෙන් සේවය කරමින්, ලෝක බැංකුවේ ප්‍රතිරූපය හා කීර්තිනාමය සම්බන්ධයෙන් හා බැංකුව විසින් අරමුදල් සපයන ලද ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින හි ව්‍යාපෘති පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් හා මගපෙන්වීම් ලබාදෙන ලදී. 2015 වර්ෂයේ දී ඉල්ලා අස්වන තුරු ම, ඇය එම තනතුරෙහි සේවය කළා ය.

ගුඩ් කර්ම නමැති ඇයගේ උපදේශන ආයතනයේ කළමනාකාර හවුල්කාරිය ද වන සල්ගාදු මහත්මිය, ඒ හරහා තිරසාර ව්‍යාපාර කළමනාකාර සංකල්පය ප්‍රවර්ධනය කරයි. සමාජය වෙත ඇයගේ වගකීම් ඉටුකරමින්, ඇය ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපාය අධ්‍යයන පිලිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ කළමනාකරණ මණඩලයේ සාමාජිකයෙකු ලෙස ද, ලෙබාරා පදනමේ මණ්ඩල සාමාජිකාවක් ලෙස ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කවුන්සිලයේ සාමාජිකාවක් සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් වශයෙන් ද සේවය කරයි.


ඩී. එම්. ඩී. ක්‍රිෂාන් තිලකරත්න මහතා

ඩී. එම්. ඩී. ක්‍රිෂාන් තිලකරත්න මහතා
විධායක නොවන අධ්‍යක්ෂ
AIB (ශ්‍රී ලංකා)

ක්‍රිෂාන් තිලකරත්න මහතා කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී වන අතර, එල්ඕඑල්සී පීඑල්සී සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්ව කණ්ඩායමේ සාමාජිකයකු ද වේ.

ප්‍රසාක් මයික්‍රො ෆයිනෑන්ස් කැම්බෝඩියා සහ ශ්‍රී ලංකාවේ විශාලතම රක්ෂණ තැරැව්කාර ආයතනය වන කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පීවීටී) ලිමිටඩ් හි මණ්ඩලවල තිලකරත්න මහතා සේවය කරනු ලබයි. එසේම, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය කරනු ලබන ඔහු, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතනයන් (NBFIs) හි අග්‍ර-කාය වන ෆයිනෑන්ස් හවුසස් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා හි සභාපතිවරයා ද වේ.

ශ්‍රී ලංකාවේ බැංකුකරුවන් සඳහා වන ආයතනයේ සම්බන්ධී සාමාජිකත්වයක් (AIB) දරන තිලකරත්න මහතා, අමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් බිස්නස් ස්කූල් හි දී ක්ෂුද්‍ර මූල්‍ය පිළිබඳ ක්‍රමෝපාය නායකත්ව පුහුණු පාඨමාලාවක් ද හදාරා ඇත. කළමනාකරණ, ණයවර, මාර්ගගත කළමනාකරණ, අලෙවිකරණ, සාධ්‍යකරණ, ආයෝජන කළඹ කළමනාකරණ සහ ඉස්ලාමීය මූල්‍යකරණ පිළිබඳ වසර 25ක ට වැඩි පළපුරුද්දක් ඔහු සතු ය.

සෙලාන් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස තිලකරත්න මහතා පත්වීම ලැබීමට පෙර, අයි. සී නානායක්කාර මහතා 2018 අගෝස්තු 31 දින ඉල්ලා අස්වන තුරු ඔහුගේ විකල්ප අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලදී.


ඩී. ආර්. අබේසූරිය මහතා

ඩී. ආර්. අබේසූරිය මහතා
ස්වාධීන අධ්‍යක්ෂ
FCMA, CGMA, MBA (මොනෑෂ් විශ්වවිද්‍යාලය, ඔස්ට්‍රේලියාව), CFA

ඩී. ආර්. අබේසූරිය මහතා කැන්ඩෝ සමූහ ආයතනවල අධ්‍යක්වරයා වන අතර, HNB ඇෂුවරන්ස් පීඑල්සී සහ බයෝ ෆුඩ්ස් (ප්‍රයිවෙට්) ලිමිඩට් හි ද අධ්‍යක්ෂ තනතුරු දරයි.

ඊට පෙර, අබේසූරිය මහතා, ඊගල් ‍ප්‍රොප්රයිටරි ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් ආයතනය සඳහා පුද්ගලික සමකොටස් ආයෝජන පිළිබඳ වගකීම් දරන ලද අතර, එය ඩොලර මිලියන 200ක පුද්ගලික සමකොටස් අරමුදලක් විය. මීට ඉහතින්, කුවේට් රාජ්‍යයේ ලැයිස්තුගත විශාලතම සමාගම් අතරින් එකක් වන නැෂනල් ඉන්ඩස්ට්‍රීස් සමූහය (NIG) ට අයත්, කැන්ඩෝ සමූහ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ඔහු කටයුතු කළේ ය. එසේම, හේලීස් පීඑල්සී හි ක්‍රමෝපාය ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී වශයෙන් ද, කොන්ත්‍රාත් පදනම මත බාහිරෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නා ප්‍රමුඛ පෙළේ ගෝලීය ආයෝජන පර්යේෂණ සමාගමක් වන අම්බා රිසර්ච් (ප්‍රයිවෙට්) ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් ද, ශ්‍රී ලංකාවේ පළමු ණයවර ඇගයීමේ නියෝජිතායතනය වන, ෆිච් රේටිංග්ස් ලංකා ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් ද ඔහු කටයුතු කර ඇත. ඊටත් පෙරාතුව, ජේපී මෝගන් හි ආයතනික මූල්‍ය අංශ ප්‍රධානී ලෙස ද අබේසූරිය මහතා සේවය කර ඇති අතර, එහිදී ජාත්‍යන්තර සමකොටස් ස්ථාපනය සහ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කරන ලද්දේ ඔහු විසිනි. ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් උපදේශන සිදුකරමින්, පුද්ගලික සමකොටස් ආයෝජන සම්බන්ධ ජ්‍යෙෂ්ඨ තනතුරු ද ඔහු විසින් හොබවන ලදී.

අබේසූරිය මහතා එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකාරී ආයතනයේ, අමෙරිකා එක්සත් ජනපදයේ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ, අමෙරිකා එක්සත් ජනපදයේ වරලත් මූල්‍ය විශ්ලේෂක ආයතනයේ (CFA) සහාධ්‍ය සාමාජිකත්වය දරන අතර, ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.

අග්‍රාමාත්‍ය කාර්ය බලකා පත්වීමක් වශයෙන් මූල්‍ය අංශ ප්‍රතිසංස්කරණ කමිටුවේ ස්ථිර සාමාජිකයකු ලෙස කටයුතු කළ අබේසූරිය මහතා ශ්‍රී ලංකාවේ සුරැකුම් සහ විනිමය කොමිෂන් සභාවේ නිල සාමාජිකයකු ලෙස දෙවරක් ම පත්වීම් ලැබීය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ද අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු එහි ආයෝජන කමිටුවේ සභාපති ධුරය ද දැරීය. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවදානම් අනවධාන කමිටුවේ මණ්ඩල සාමාජිකයකු වශයෙන් ද අබේසූරිය මහතා කටයුතු කර ඇති අතර, මූල්‍ය සහ තොරතුරු තාක්ෂණ සමාගම් බොහොමයක සභාපති ධුරය ද දරා ඇත.

ආයෝජන කළමනාකරණ වෘත්තිය වෙත අබේසේකර මහතා සිදුකර ඇති සුවිශේෂී කාර්යභාරය සහ දක්වන ලද විශිෂ්ට කැපවීම සැලකිල්ලට ගෙන අමෙරිකා එක්සත් ජනපදයේ CFA ආයතනය විසින් පිරිනමනු ලබන, ජීවිතයට එක්වරක් පමණක් ලැබිය හැකි “Lifetime Achievement” සම්මානයෙන් 2017 වර්ෂයේ දී ඔහු පිදුම් ලැබීය.


ආර්. ඩී. තිසේරා

ආර්. ඩී. තිසේරා
විධායක නොවන අධ්‍යක්ෂ
(ඩබ්ලිව්. ඩී. කේ. ජයවර්ධන මහතා හට විකල්ප අධ්‍යක්ෂ වශයෙන්)
MCIM, UK

රවී තිසේරා මහතා වර්තමානයේ දී කටයුතු කරනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු-නොවන මූල්‍ය ආයතනය වන එල්ඕඑල්සී ෆයිනෑන්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති/ප්‍රධාන විධායක නිලධාරී වශයෙනි.

අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමි, සංවර්ධන මූල්‍ය විශේෂඥයකු වන තිසේරා මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකි. හාවඩ් බිස්නස් ස්කූල් හි දී ක්ෂුද්‍රමූල්‍ය පිළිබඳ ක්‍රමෝපාය නායකත්ව පුහුණුව ඔහු විසින් හදාරා ඇත.

එල්ඕඑල්සී සමූහය වෙත ක්ෂුද්‍රමූල්‍ය අංශය හඳුන්වා දුන් තිසේරා මහතා, අමෙරිකා එක්සත් ජනපදයේ SMART ප්‍රවර්ධනය වෙතින් පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳ සහතික ලත්, ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂුද්‍රමූල්‍ය සැපයුම්කරු වන එල්ඕඑල්සී මයික්‍රො ක්‍රෙඩිට් සමාගමෙහි නිර්මාතෘ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා විය. මියන්මාරය, කාම්බෝජියාව සහ පකිස්තානය ආදී ශ්‍රී ලංකාවෙන් පිටත රටවල් දක්වා එල්ඕඑල්සී හි ක්ෂුද්‍රමූල්‍ය මෙහෙයුම් පුළුල් කිරීමට ඔහු කටයුතු කර ඇත.

එල්ඕඑල්සී ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී, සුන්දායා ලංකා (පුද්ගලික) සමාගම, එල්ඕඑල්සී මයික්‍රො ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සහ එල්ඕඑල්සී මොරිෂස් හෝල්ඩිංග්ස් සමාගම යන ආයතනයන් හි මණ්ඩල වල ද ඔහු කටයුතු කරනු ලබයි.

ඩබ්ලිව්. ඩී. කේ. ජයවර්ධන මහතා හට විකල්ප අධ්‍යක්ෂවරයකු වශයෙන් තිසේරා මහතා සෙලාන් බෑන්ක් පීඑල්සී වෙත පත් කරන ලද්දේ 2018 අප්‍රේල් 18 වැනි දින දී ය.