Internet Banking Login

ආයතනික විස්තර

l

  Back

ආයතනික තොරතුරු

  • විශේෂඥ දැනුමැති නවීන බැංකුවක්

  • සෙලාන් බෑන්ක් පීඑල්සී යනු 1987 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සීමිත වගකීම් සහිත පොදු සමාගමකි. සාම්ප්‍රදායික වාණිජ බැංකුකරණය වෙත අවධානය යොමුකරන සෙලාන් බැංකුව, රට පුරා පැතිර ඇති ශාඛා ජාලයේ මෙහෙයුම් සිදුකරනු ලබන්නේ කොළඹ පිහිටි සිය ප්‍රධාන කාර්යාලය හරහා ය.

    අපගේ ඉතිහාසය පුරාවටම, අප සිදු කරන සියලු කටයුතුවලදී අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ අරමුණු හා ඉලක්කවලට මුල් තැන දෙන්නට වග බලා ගතිමු. ආයතනික පාලනය, ප්‍රායෝගික අවදානම් කළමනාකරණය, වගවීම සහ අවංකත්වය යන කරුණු මත සැකසුණු සංස්කෘතියක විශිෂ්ටත්වය නැමැති ශක්තිමත් පදනම මත අපගේ දිගු කාලීන සාර්ථකත්වය ගොඩනගා ඇත. ශ්‍රී ලංකාව තුළ පළමුවරට හඳුන්වාදෙන ලද සැලසුම් රැසක සාඩම්බර හිමිකරුවා වන බැංකුවක් වශයෙන් අපගේ සැලසුම් මාලාව නිර්මාණය කර ඇත්තේ අපගේ වටිනා ගනුදෙනුකරුවන් වෙත සැබෑ වටිනාකම් පිරිනැමීම උදෙසා ම ය.

    අපේක්ෂාවන්ගෙන් සපිරි ගනුදෙනුකරුවන් වෙත නොමඳ සේවය සලසන අප, ව්‍යාපාරවල සාර්ථකත්වයට, ආර්ථිකයේ සශ්‍රීකත්වයට, සෑම පුද්ගලයකුගේම ජීවිත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සලසමු.

    අපගේ ආදර්ශ පාඨය

    "සුහද හදක් ඇති දේශීය බැංකුව" සාධාරණ, යුක්තිගරුක සහ ස්ථාවර බැංකුවකි.

    දැක්ම පිළිබඳ ප‍්‍රකාශනය

    අපගේ සියලූ පාර්ශ්වකරුවන් විසින් පිළිගන්නා පරිදි ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මූල්‍ය සේවා සැපයුම්කරු බවට පත්වීම

    අරමුණ පිළිබඳ ප‍්‍රකාශනය

    වටිනාකම, මිලකරණය, බෙදාහැරීම සහ සේවා යන අංශයන්ට අනුකූලව අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිද්දෙන් මූල්‍ය සේවාවන් සැපයීම.

    ප‍්‍රතිඵල දිශානතිය සම්බන්ධයෙන් පිළිගැනීමට සහ අගය කිරීමට ලක්වූ සෙලාන් බැංකුකරුවන් කණ්ඩායමක් මගින් අප එය කරන්නෙමු.

    සෑම විටම වගකිව යුතු ආයතනික පුරවැසියන් ලෙසින් කි‍්‍රයාකරන අතරම, අපගේ කොටස් හිමියන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කරලීම සඳහා අපගේ ප‍්‍රයත්නයන් පරිවර්තනය වන බවට තහවුරු කර ගන්නෙමු.

    සාරධර්ම

    • උසස් ආචාර ධර්ම සහ වෘත්තීය හැසිරීම
    • විශිෂ්ඨත්වයෙහි ලැදි බව
    • වෙනස් වීම් සඳහා අනුගත වීමෙහි ඇති ධෛර්යය
    • අඛණ්ඩ වූ අභිවෘද්ධිය
    • අන්‍යොන්‍ය අවබෝධය සහ විශ්වාසය
    • නිත්‍ය සබඳතාවයන් ගොඩනැගීම

    සමාගමේ ලියාපදිංචි අංකය:

    PQ 9

    ලියාපදිංචි කාර්යාලය

    සෙලාන් ටවර්ස්
    අංක 90, ගාලුපාර, කොළඹ 03.
    ශ්‍රී ලංකාව.

    දුරකථනය: +94 11 200 88 88
    ෆැක්ස්: +94 11 2456456
    ඊමේල්: info@seylan.lk

    ස්විෆ්ට් කේතය: SEYBLKLX

    බැංකුවේ ණය වර්ගීකරණ:

    ෆිච් රේටින්ග්ස් : ‘A(lka)’
    බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් රේටින්ග්ස් : “A+”

    නෛතික ආකෘතිය:

    සෙලාන් බෑන්ක් පීඑල්සී යනු, 2007 මැයි 30, අංක 07 දරන සමාගම් පනත යටතේ 1987 වර්ෂයේ අගෝස්තු 28 දින දී ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සීමිත වගකීම් සහිත පොදු සමාගමකි. 1988 මාර්තු 24, අංක 30 (සංශෝධිත) දරන බැංකු පනත යටතේ බැංකුව සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද්දේ ලියාපදිංචි වාණිජ බැංකුවක් වශයෙනි.

    ලැයිස්තුගතය:

    සාමාන්‍ය කොටස් සහ සුරැකු නොලත් වශයෙන් ප්‍රමත, නිදහස් කළ හැකි ණයකර කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කර ඇත.
    පරිපාලිත
    සෙලාන් ඩිවෙලොප්මන්ට් පීඑල්සී
    සමාගම් ලියාපදිංචි අංකය: PQ 151
    15 මහල, සෙලාන් ටවර්ස්, අංක. 90, ගාලු පාර, කොළඹ 03