Internet Banking Login

සෙලාන් තැන්පතු සහතික

විශේෂාංග

තැන්පතු සහතික යනු දීර්ඝකාලීන ආයෝජන සඳහා හොඳ විකල්පයක් වන අතර සෙලාන් තැන්පතු සහතික සඳහා වෙළෙඳපොළේ තරගකාරී පොලී අනුපාතයන් ලැබෙන නිසා එය ආරක්ෂිත සහ සුරක්ෂිත ක‍්‍රමයකි. සෙලාන් තැන්පතු සහතික ලබාගැනීමේදී ඔබට පහත දැක්වෙන ප‍්‍රතිලාභයන් අත්පත් කරගත හැකිය

  • මෙය ආයෝජනයක් ලෙස හෝ බැංකු ණය සහ බැංකු අයිරාවන් සඳහා සුරැුකුමක් ලෙසින්ද යොදාගත හැකිය.

  • වෙළෙඳ පොළේ ඉහළම පොලී අනුපාතයන් නිසැකවම හිමි වන අතර පොළිය කල් පිරීමේදී ගෙවනු ලැබේ.

  • තැන්පතු කාලසීමාව මාස 6 සිට මාස 60 (අවුරුදු 5 දක්වා)

  • පොළී පෙර ගෙවුම් පහසුකම.

අයදුම් කරන්නේ කෙසේද?
  • යෝග්‍යතාවය
    • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් වීම.
  • අවශ්‍ය කරන ලියකියවිලි:
    • ජාතික හැඳුනුම්පත හෝ
    • ජාතික හැඳුනුම්පත් අංකය සඳහන්ව ඇති වලංගු ගමන් බලපත‍්‍රය හෝ රියැදුරු බලපත‍්‍රය
    • අදාළ අනන්‍යතා ලියවිල්ලේ සඳහන් ලිපිනය සහ ඔබගේ වර්තමාන ලිපිනය සමාන නොවේ නම්, නව ලිපිනයට අදාලව මාස තුනක බිල්පත්/ගෙවීම් සාධක ඉදිරිපත් කළ යුතුවේ.
    • ගනුදෙනුකරු හඳුනා ගැනීමේ KYC අවශ්‍යතාවයන්ට අදාලව බැංකුව වෙත ලබා දිය යුතු ඕනෑම ලියවිල්ලක්

පොලී අනුපාතය

With Effect from 03.09.2020

DENOMINATION: LKR 100,000/-
MATURITY Period
INTEREST
AER
6 MONTHS
05.25%

12 MONTHS
05.50%

24 MONTHS
06.75%
6.54%
48 MONTHS
08.25%
7.39%
60 MONTHS
08.75%
7.53%

*තොරතුරු ලබාදීමේ අවශ්‍යතාවය මත පමණක් පදනම් වන මෙම පොළී අනුපාතයන් වෙනස් විය හැකිය.

සියලූම ගාස්තු ගැන දැනගන්න>>>

පොලී අනුපාත ගැන දැනගන්න>>>

අයදුම්පත‍්‍ර