Internet Banking Login

කාඩ්පත්

l

අමතර ප්‍රතිලාභ සහිත නම්‍යශීලී සහ සුරක්ෂිත අයුරින් වැය කල හැකි ආකාරයේ කාඩ්පතක් සොයනවාද? ඒ සම්බන්ධයෙන්, ඔබේ අවශ්‍යතා සපුරාගන්නට අද ම සෙලාන් බැංකුව අමතන්න.

ප්‍රවර්ධන (Promotions)

රෙදිපිළි, සංචාර, ආහාර-පාන, නිවාඩු ගතකිරීම් ආදී ඔබේ ජීවන රටාව හා බැඳුණු සියලු අවශ්‍යතාවයන්ට සරිලන ප්‍රතිලාභ සහිත සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගෙන ජීවිතයේ සතුට අත්විඳින්න. වෙළඳපොළ ඇති හොඳම දීමනා අප සතු ය.

ක්‍රෙඩිට් කාඩ්පත් (Credit Cards)

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, අවන්හල්, හෝටල, රෙදි-පිළි වෙළඳ ආයතන, රෝහල් සහ තවත් බොහෝ තැන්වල දී දේශීය හා විදේශීය වශයෙන් වට්ටම් භුක්ති විඳීමට ඔබේ සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත ඔබට අවස්ථාව උදා කරයි. එසේම, රු.15,000/ට ඉහළ වටිනාකමකින් යුතු ඕනෑම යමක් ඕනෑම වෙළඳ ආයතනයක් වෙතින් මිලදී ගෙන එය සෙලාන් පහසු ගෙවීමේ සැලසුමක් බවට හරවා ගැනීමට ද ඔබට හැකියාව ඇත. ඔබේ ණය සීමාවෙන් 75%ක් දක්වා මුදලක් පොළී රහිතව සහ සුළු හැසිරවීමේ ගාස්තුවකට යටත්ව සෙලාන් එක්ස්ප්‍රස් කෑෂ් යටතේ ලබාගැනීමේ පහසුකම ද, ඔබේ කාඩ්පතට පිරිනමන අමතර ප්‍රතිලාභයකි. ඔබේ ජීවන රටාවට අනුව ජීවිතය භුක්ති විඳීමේ නම්‍යශීලී හැකියාව සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත වෙතින් ඔබට ලැබේ.


Seylan Balance Transfer Instalment Plan (SBTIP)

Had been looking for a Balance Transfer Credit Card programme to help you settle your debt faster? With Seylan Balance transfer programme you could transfer your outstanding balance along with the accrued interest to a lower interest rate Credit Card and pay in monthly instalment.


ඩෙබිට් කාඩ්පත (Debit Card)

මිලියන 30ක් පමණ වන වෙළඳ ආයතනයන් වෙතින් භාණ්ඩ හා සේවා ලබාගැනීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ හෝ ලොව පුරා පිහිටි මිලියන 2.2ක් පමණ වන VISA ATM යන්ත්‍ර වෙතින් මුදල් ලබාගැනීම ද VISA ඩෙබිට් කාඩ්පතින් ඔබට සිදුකල හැකිය. එසේම, අවශ්‍ය මිලදී ගැනීම් සඳහා මුදල් ලබාගැනීමට ATM යන්ත්‍ර වෙත නොගොස්, සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, අවන්හල්, හෝටල, රෙදි-පිළි වෙළඳ ආයතන, රෝහල් සහ තවත් බොහෝ තැන්වල දී දේශීය හා විදේශීය වශයෙන් සුවිශේෂී වට්ටම් භුක්ති විඳින්නට ද ඔබට හැකිය. අසම-සම වරප්‍රසාද හා පහසු ප්‍රවේශයන්ගෙන් සමන්විත සෙලාන් VISA ඩෙබිට් කාඩ්පත, උසස් ලොවකට පහසුවෙන් පියනගන්නට ඔබට දොරටු විවර කරයි.


ට්‍රැවල් කාඩ්පත

සංචාරයෙහි යෙදෙන විට සිත නිදහස්ව තිබීමෙහි ඇති වැදගත්කම සෙලාන් බැංකුවෙහි අප, හොඳින් හඳුනන අතර, අප ගනුදෙනුකරුවන්ට සිතෙහි කිසිදු බරක් නොමැතිව සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු බව ද තරයේ විශ්වාස කරමු. එය සිත් හි තබාගෙන නිර්මාණය කර ඇති ආරක්ෂණයෙන් යුත් සෙලාන් චාරිකා කාඩ්පත, ඇ.ඩො., බ්‍රිතාන්‍ය පවුම්, ඔස්ට්‍රේලියානු ඩොලර, සහ සෞදි රියාල් ආදී බහුවිධ ව්‍යවහාර මුදලින් භාවිත කල හැකිය. එතෙර සංචාරවල දී ඔබට සදා මතකයේ රැ‍ඳෙන අත්දැකීම් ලබන්නට හැකි අයුරින් සැලසුම් කර ඇති සෙලාන් චාරිකා කාඩ්පත නිදහස් මනසින් යුතුව ඔබේ වැඩ කටයුතුවල යෙදෙන්නට අවශ්‍ය සුරක්ෂිත භාවය හා ලොව පුරා පිහිටි මිලියන 2.2ක ට වැඩි ATM යන්ත්‍ර වෙත ආරක්ෂාකාරී ලෙස ප්‍රවේශවීමේ හැකියාව ද ලබා දේ. එපමණක් නොව, ලොව පුරා පිහිටි මිලියන 30ක ට අධික වෙළඳ ආයතනයන් හි දී සෙලාන් චාරිකා කාඩ්පත භාවිත කිරීමෙන් ඔබේ විදෙස් සංචාරයෙන් උපරිම ඵල නෙලාගත හැකිය. ඊට අමතරව, සිත නිදහස සහ පහසුව සහතික කෙරෙන සෙලාන් චාරිකා කාඩ්පත ඔබේ අන්තර්ජාල ගනුදෙනු සඳහා ද භාවිත කළ හැක


රුපියල් කාඩ්පත (Rupee Card)

මුදල් රැගෙන යාමේ ඉතාමත් පහසුම ක්‍රමවේදය සෙලාන් පෙර-ගෙවුම් වීසා රුපියල් කාඩ්පතයි. සෙලාන් බැංකුව සමග ඔබගේ ගිණුමක් නොවූවත්, ඔබට මෙම කාඩ්පත ලබාගත හැකි අතර, ATM යන්ත්‍ර වෙතින් මුදල් ලබාගැනීමට සහ දේශීය වෙළඳ ආයතනයන් වෙතින් මිලදී ගැනීම් සිදුකිරීමට ද ඔබට මෙම කාඩ්පත භාවිත කළ හැක. එසේම, ඔබේ පවුලේ සාමාජිකයන්, මිතුරු මිතුරියන්, ගනුදෙනුකරුවන් හෝ ආදරණීයයන් වෙත තෑගි වශයෙන් ද ඔබට මෙම කාඩ්පත පිරිනැමිය හැක.


MPOS යන්ත්‍ර (MPOS Machines)

ඔබේ ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා යොදාගත හැකි මෙවලම් සොයමින් සිටින්නේ නම්, සෙලාන් MPOS යන්ත්‍ර ඊට කදිම විසඳුමකි. එමගින් ඔබේ ගනුදෙනුකාර ජාලය වැඩිදියුණු කරගැනීමේ හැකියාව ඔබට ලැබෙයි.