Internet Banking Login

සුවිශේෂි කාණ්ඩයන් වෙත ප්‍රතිලාභ රැසකින් සමන්විත ප්‍රතිලාභ සැලසුමක්

l
Features

ආයතනික ගනුදෙනුවල වැදගත්කම සැලකිල්ලට ගෙන, පුළුල් පරාසයකින් යුත් ප්‍රතිලාභ රැසකින් සමන්විත විශේෂ bundle පැකේජයක් සෙලාන් බැංකුව විසින් පහත කාණ්ඩයන් වෙත පිරිනමනු ලබයි.

  • A. සුදුසුකම් ලබන ආයතනික සේවා කාණ්ඩ:
    • භාරකාර ආයතන
    • සංගම්
    • සමිති
    • සමාජ
    • පාසල් (රජයේ සහ ජාත්‍යන්තර)
    • සුභසාධන
    • අධ්‍යාපනික ආයතන
    • ආගමික සංවිධාන
  • B. ප්‍රතිලාභ:

    සැලසුම

    ප්‍රතිලාභ පිළිබ විස්තරය

    ජංගම ගිණුම්

    පළවැනි චෙක්පොත් තුන (චෙක්පත් 25) නොමිලේ.

    ස්ථාවර තැන්පතු

    රු. මිලියන 5.0 ට වැඩි, අවු. 1ක ස්ථාවර තැන්පතු සඳහා, (පත්‍රිකා අනුපාතිකයට වඩා) 0.25%ක අමතර පොලී අනුපාතිකයක්

    මනි මාකට් (Money Market) ගිණුම්

    Money Market ඉතුරුම් ගිණුමෙහි රු. මිලියන 1.0 ට වැඩි ශේෂයක් සඳහා, පත්‍රිකා අනුපාතිකයට වඩා 0.50%ක අමතර පොලී අනුපාතිකයක්

    බැංකු ප්‍රකාශන

    බැංකු ප්‍රකාශන සඳහා සේවා ගාස්තුවෙන් 50%ක අඩුකිරීමක්

    අන්තර්ජාලය හරහා ගෙවීම්

    අන්තර්ජාලය හරහා ගෙවීම් සඳහා සම්බන්ධවීමේ ගාස්තුවෙන් පළමු වසරේ දී 50% අඩුකිරීමක්

    සෙලාන් Payrolls

    සෙලාන් Payrolls වලදී සේවා ගාස්තු 50%ක් පළමු වසරේ දී නිදහස් කරනු ලැබේ.

  • C. නීතිරීති සහ කොන්දේසි:
    • විශේෂ ප්‍රතිලාභ අදාළ වනුයේ ඉහත කාණ්ඩයන් (A කොටස) සඳහා පමණි.
    • ඉහත සේවා හා ගිණුම් සම්බන්ධයෙන් දැනට පවත්නා සියලු ප්‍රතිලාභ ඒ ආකාරයෙන් ම නොවෙනස් ව පවතී.
    • විශේෂ ප්‍රතිලාභ, දැනට ගිණුම් පවත්වාගෙන යනු ලබන ගනුදෙනුකරුවන් සඳහා ද අදාළ වේ.
    • නව ප්‍රතිලාභ ක්‍රමය, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වෙනස් කිරීමේ හෝ අවලංගු කිරීමේ අයිතිය බැංකුව රඳවා ගනියි.