Internet Banking Login

කෘෂිකාර්මික ණය

l
Agriculture loans

කෘෂිකාර්මික ණය

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපයාගැනීමට කෙටිකාලීන ණය සහ ප්‍රාග්ධන වියදම් සපුරාගැනීම සඳහා මාධ්‍යකාලීන ණය ලබාදීමට බැංකුව කටයුතු කරයි.

‘සරුසාර’ ණය යෝජනා ක්‍රමය - නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක්

‘සරුසාර’ ණය යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා මහා බැංකුව සමග එක්වී පිරිනමන සරුසාර ණය යෝජනා ක්‍රමයේ අරමුණ වන්නේ අඩු පිරිවැයකින් යුත් නිෂ්පාදන පවත්වාගෙන යාම සඳහා, කන්න භෝග වගාවේ නිරතව සිටින ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ගොවීන්ට ණය ලබාදී ඔවුන්ගේ සමාජ ආර්ථික තත්වය නගාසිටුවීමයි.

  • සුදුසුකම්

    • සින්නක්කර හෝ බදුකර ඉඩම් සහිත ගොවීන් විය යුතු ය.
    • වයස අවුරුදු 18 සහ 55 අතර විය යුතු ය. වයස 55 ට වැඩි කෙනෙකු ණය ලබාගන්නේ නම් ඔහුගේ/ඇයගේ පුතෙකු හෝ දියණියක වැනි පවුලේ අයෙකු ණය මුදලේ පාර්ශවයක් ලෙස කටයුතු කළ යුතු වේ
  • ලබාදෙන උපරිම ණය ප්‍රමාණය

    ව්‍යාපෘතියේ මුළු වියදමෙන් 75% ක උපරිමයක් දක්වා ණය ලබාදීමට බැංකුව කටයුතු කරනු ඇත.

  • ආපසු ගෙවීම් කාලය

    දින 270

  • පොලී අනුපාතය

    ශ්‍රී ලංකා මහා බැංකුව මගින් තීරණය කරනු ලබන සහනදායී පොලී අනුපාතයක් අයකෙරේ (දැනට 7% කි).

  • ඇපය

    බැංකුව මගින් පිළිගනු ලබන ඇපයක් තැන්පත් කළ යුතු ය.

කප්රුක ආයෝජන ණය යෝජනා ක්‍රමය - පොල් සංවර්ධන මණ්ඩල ණය යෝජනා ක්‍රමය

දේශීය පොල් වගාකරුවන් දිරිගැන්වීම සඳහා ඔවුන්ට ණය පහසුකම් ලබාදීම අරමුණු කරගත් මෙම ණය යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලය සමග සහයෝගීත්වයෙන් යුතුව හඳුන්වා දී තිබේ.

  • සුදුසුකම් ලබන අංශ

    • අතුරු වගාවන් සමග අලුතින් පොල් වගා කිරීම
    • අතුරු වගාවන් සමග නැවත පොල් වගා කිරීම
    • පරිණත පොල් වගාවක අතුරු භෝග වගාකිරීම
    • පැරණි පොල් වගාවක් පුනරුත්ථාපනය කිරීම
    • පොල් අතුරු වගා පද්ධති සඳහා ජල සම්පාදනය
    • පොල් වතු සඳහා කෘෂිකාර්මික උපකරණ ලබාගැනීම
    • අන්නාසි සහ කෙසෙල් පැළ තවාන් දැමීම
    • පොල් වතුවල සත්ත්ව පාලනය
  • ලබාදෙන උපරිම ණය ප්‍රමාණය

    උපරිම වශයෙන් ව්‍යාපෘති දෙකක් සඳහා එක් ව්‍යාපෘතියකට එක් පුද්ගලයෙකුට LKR 2,000,000/- ක උපරිමයකට යටත්ව ණය ලබා දේ.

  • ආපසු ගෙවීම් කාලය

    අවුරුදු 5 (වසර 1 ක සහන කාලයක් ලබාගැනීමේ හැකියාව ඇත).

  • පොලී අනුපාතය

    9%

  • ඇපය

    බැංකුව මගින් පිළිගනු ලබන ඇපයක් තැන්පත් කළ යුතු ය.

වාණිජ මට්ටමේ කිරි සංවර්ධන ණය යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගීත්වය ඇතිව වාණිජ මට්ටමේ කිරි සංවර්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත්තේ වාණිජ මට්ටමින් කිරි කර්මාන්තයේ යෙදීම සඳහා කිරි ගොවීන් දිරිමත් කිරීමේ අරමුණිනි.

  • සුදුසුකම් ලබන අංශ

    • එළදෙනුන් මිලදීගැනීම
    • ගවගාල් ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම, ජල සම්පාදනය (ජල විදුම් හා නල මාර්ග ආදිය). ළිං හෝ වගා ළිං කැණීම
    • සත්ත්ව ආහාර වගාව
    • නව ගොවිපොළවල් ඉදිකිරීම
    • ගොවිපොළ සංවර්ධනය කිරීම
    • ජීව වායු ඒකක ඉදිකිරීම
    • දැනට පවතින ගොවිපොළ පුළුල් කිරීම
    • කිරි නිෂ්පාදන සිදුකිරීම හා කිරි සැකසීම
    • ට්‍රැක්ටර්, වතුර පොම්ප, ශීතකරණ, යොදය වෙන්කිරීමේ උපකරණ, කිරි දෙවීමේ උපකරණ සහ තණකොළ කපන යන්ත්‍ර ආදී යන්ත්‍ර සූත්‍ර මිලදීගැනීම
    • කිරි සහ කිරි නිෂ්පාදන කල්තබාගැනීම සඳහා ප්‍රවාහනය සහ ගබඩා කිරීම
    • දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාවට නංවනු ලබන වෙනත් ඕනෑම නිර්මාණශීලී ක්‍රමවේදයක්
  • ලබාදෙන උපරිම ණය ප්‍රමාණය

    LKR 25,000,000/-

  • ආපසු ගෙවීම් කාලය

    අවුරුදු 5 (මාස 6 ක සහන කාලයක් ලබාගැනීමේ හැකියාව ඇත).

  • පොලී අනුපාතය

    වාර්ෂිකව 6%

  • ඇපය

    බැංකුව මගින් පිළිගනු ලබන ඇපයක් තැන්පත් කළ යුතු ය.