Internet Banking Login

සෙලාන් ‘5 Star’ ස්ථාවර තැන්පතු

l
විශේෂාංග

‘සෙලාන් 5 Star’ යනු පස් අවුරුදු ස්ථාවර තැන්පතුවකි. LKR 100,000/- ක අවම තැන්පතුවක් සමගින් සෙලාන් ශක්ති ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැක. මාසිකව, වාර්ෂිකව හෝ කල්පිරීමේදී පොලිය ලබාගත හැකි වේ.

    • අගය එකතු කිරීම :

      පොලියට අමතරව පළමු වසරේදී තැන්පතුවේ වටිනාකමින් 0.1% කට සමාන වටිනාකමකින් යුත් බිල්පත් වවුචර පිරිනැමේ. ජල, විදුලි සහ දුරකථන බිල්පත් ගෙවීමේදී ගිණුම් හිමියන්ට මෙම වවුචර භාවිතා කළ හැක.

    • මෙම බිල්පත් වවුචර භාවිතා කරන්නේ කෙසේද?

      බිල්පත් වවුචර භාවිතා කිරීම සඳහා සෙලාන් බැංකු ශාඛාවකින් අදාළ බිල්පත් ගෙවීම සිදුකළ යුතු ය. වවුචරයේ වටිනාකම බිල්පතේ සඳහන් ගෙවිය යුතු මුදලින් අඩුකෙරෙන අතර ගිණුම් හිමියා ගෙවිය යුතු වන්නේ ඉතිරි මුදල පමණි.

    • අනෙකුත් ප්‍රතිලාභ

      • ස්ථාවර තැන්පතුව සඳහා ක්‍රෙඩිට් කාඩ්පතක්
      • හෝ
      • ස්ථාවර තැන්පතුව පදනම් කරගෙන ක්ෂණික ණයක්

      ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා

    • දිවයින පුරා ශාඛා ජාලය, ATM යන්ත්‍ර ජාලය සහ 365 දවසේ බැංකුකරණ සේවා සමගින් ඔබට උපරිම පහසුවක්.

    • අන්තර්ජාල බැංකුකරණ/SMS බැංකුකරණ/ජංගම දුරකථන බැංකුකරණ පහසුකම් සමග වඩාත් පහසුවෙන් ගනුදෙනු කරන්න.

ආරම්භ කරන අයුරු
  • සුදුසුකම්
    • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් වීම.
  • අවශ්‍ය ලිපිලේඛන
    • ජාතික හැඳුනුම්පත/වලංගු ගමන් බලපත්‍රය/වලංගු රියදුරු බලපත්‍රය
    • ඉදිරිපත් කරන ලිපිලේඛනවල සඳහන් ලිපිනය සහ ලබාදෙන ලිපිනය අතර වෙනස්කම් පවතී නම් සාක්ෂි ලෙස මාස 3 කට නොඅඩු කාලයක බිල්පත් ඉදිරිපත් කළ යුතු ය.

පොලී අනුපාත සහ ගාස්තු

w.e.f 01.07.2019

පොලී කාලසීමාව වාර්ෂික පොලිය %. වාර්ෂික තුල්‍ය අනුපාතය
මාසිකව 08.75% 09.11%
වාර්ෂිකව 09.00%
කල් පිරීමේදී 11.00% 09.16%

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු මාසිකව වා.ස.පො.අ. කල්පිරීමේදී වා.ස.පො.අ.
මාස 60/සෙලාන් 5 Star (අවම තැන්පතුව රු.100,000/-) 9.25%
11.50%

පොලී අනුපාත ගැන දැනගන්න>>>

සියලූම ගාස්තු ගැන දැනගන්න>>>

උපාංග සහ විශේෂ ගණකය

ඔබට ඉතිරි කළ හැකි ආකාරය දැනගැනීමට මේ උපාංග සහ විශේෂ ගණකය භාවිතා කරන්න.