Internet Banking Login

සෙලාන් ටූ ඉන් වන් ගිණුම

l
විශේෂාංග

සෙලාන් ‘‘ටූ ඉන් වන්’’ යනු සැබැවින්ම ඔබේ මුදල් අකර්මණ්‍ය නොවන බවට වූ සහතිකයක් ලබාදීම සඳහා ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් හොඳම ආකාරයෙන් ඒකාබද්ධ කොට සපයනු ලබන අද්විතීය සේවාවකි. මේ හරහා ඔබේ මුදල් ස්වයංක‍්‍රීයව කළමනාකරණය කරගැනීමට හැකියාවක් ලැබේ.

  • පහසුවෙන් ඉතිරි කරන්න:

    ජංගම ගිණුමේ LKR 10,000/- ට වැඩි ඕනෑම මුදලක් ඵලදායී ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා ඔබේ ඉතිරි කිරීමේ ගිණුමට මාරු කරනු ලැබේ.

    ඔබ නිකුත් කරන චෙක්පතක අගයට සමාන ගිණුම් ශේෂයක් ඒ මොහොතේම ඉතිරි කිරීමේ ගිණුමෙන් ජංගම ගිණුමට බැර කරනු ලැබේ.

    පොලිය දෛනික පදනම මත ගණනය කෙරෙන අතර ඒකාබද්ධ පොළියක් අත්පත් කරගත හැකිය (සතිපතා එකතු වේ)

  • හෙට දිනය සඳහා ඉතිරි කරන්න

    ‘‘සෙලාන් ෂුවර් ප‍්‍රතිලාභ’’ සඳහා සුදුසුකම් ලබාගන්න

  • තව දුරටත් ප‍්‍රතිලාභ හිමිකරගන්න

    අප කාඞ්පත් සඳහා වූ බොහෝ ප‍්‍රවර්ධන දීමනා ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් වලංගු වේ.

  • සුවපහසු බැංකුකරණය

    දීප ව්‍යාප්ත ශාඛා ජාලය, ATM පද්ධතිය සහ දින 365 පුරාම බැංකුකරණ පහසුකම.

  • පහසුවෙන් ප‍්‍රවේශයකින් යුතු බැංකකරණය

    අන්තර්ජාල බැංකු සේවා / ජංගම දුරකථන බැංකු සේවා.

ආරම්භ කරන්නේ කෙසේද
  • යෝග්‍යතාවය
    • අවුරුදු 18 සහ ඊට වැඩි
  • අවශ්‍ය කරන ලියකියවිලි
    • ජාතික හැඳුනුම්පත / වංලගු ගමන් බලපත‍්‍රයක් / වලංගු රියැදුරු බලපත‍්‍රයක්
    • අදාළ අනන්‍යතා ලියවිල්ලේ සඳහන් ලිපිනය සහ ඔබගේ වර්තමාන ලිපිනය හා සමාන නොවේ නම්, නව ලිපිනයට අදාලව මාස තුනක බිල්පත්/ගෙවීම් සාධක ඉදිරිපත් කළ යුතුවේ.
  • අවම තැන්පතුව
සුපිරි ශාඛාව අනෙක් ශාඛා
ඉතිරි කිරීමේ LKR 10,000/- LKR 1,500/-
ජංගම LKR 250,000/- LKR 10,000/-
මෙවලම් සහ ගණක යන්ත්‍ර
හෝඩුවාවන් සහ උපදෙස් ගණකයන්ත‍්‍ර ෆෝරම
අප ‘‘බජට් ප්ලෑනර්’’ හරහා අරමුණ සකස් කරගන්න සෙලාන් ෂුවර් ගණක යන්ත‍්‍රය අන්තර්ජාලය හරහා අයදුම් කරන්න
විකල්ප බැංකු නාලිකා බජට් ප්ලෑනර් ස්ථාවර නියෝග අයදුම්පත
ඉතිරි කරන විධි
නිතර අසන ප‍්‍රශ්න

2in1 ගිණුමක පවත්වාගත යුතු අවම ශේෂය කොපමණද?

ඉතිරි කිරීමේ ගිණුමක නම් රු. 1,000/- ක ශේෂයක් සහ ජංගම ගිණුමක නම් රු. 10,000/- ක ශේෂයක් සෑම විටම පවත්වාගත යුතු ය.

මට 2in1 ගිණුමක ඉතිරි කළ හැක්කේ කෙසේද?

දිනය අවසානයේදී ජංගම ගිණුමේ ඇති, රු.10,000/- වඩා වැඩි මුදල් ශේෂය ස්වයංක්‍රීයව ඉතිරිකිරීමේ ගිණුමට බැර වේ.

2in1 ජංගම ගිණුමකින් මට බැංකු අයිරාවක් ලබාගත හැකිද?

2in1 ජංගම ගිණුමකින් බැංකු අයිරා ලබාගත නොහැක.

2in1 ඉතුරුම් ගිණුමකට ඉතිරි කිරීමේ ගිණුම් පාස්පොතක් (Savings book) ලැබෙනවාද?

නැත. මාසය අවසානයේදී ඔබට ගිණුම් ප්‍රකාශයක් තැපෑලෙන් ලැබෙනු ඇත.

2in1 ඉතුරුම් ගිණුමකට පොලිය බැරවන්නේ කෙසේද?

ඉතුරුම් ගිණුමේ ශේෂය අනුව දිනපතා පොලිය ගණනය කෙරෙන අතර එම පොලිය සතිපතා ගිණුමට බැර වේ.

2in1 ගිණුමක් අවලංගු වන්නේ කෙසේද?

අඛණ්ඩව මාස 3 ක කාලයක් ජංගම ගිණුමේ තිබිය යුතු අවම ශේෂය (රු. 10,000/-) පවත්වාගැනීමට අපොහොසත් වීම හෝ ගිණුම නොසලකා හැරීම යන හේතු මත ගිණුම් අවලංගු වනු ඇත. එසේ අවලංගු වීමට පෙර ගිණුම් දෙක සඳහාම ක්‍රමවත් දැනුම්දීම් සිදුකෙරේ.

2in1 ගිණුම් සඳහා ATM කාඩ්පතක් ලබාගත හැකිද?

ඔවු.

ගිණුම් හිමියන් ‘සෙලාන් ෂුවර්’ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබනවාද?

ඔවු. ඉතුරුම් ගිණුමේ ශේෂය පමණක් එම ප්‍රතිලාභ සඳහා සලකා බලනු ලැබේ.

2in1 ජංගම ගිණුමක් විවෘත කිරීමේදී ගිණුම් හිමියෙකුගේ නිර්දේශය අවශ්‍යද?

ඔවු.